අවුරුදු සමයේ ප්‍රමිතියෙන් තොර ලූනු, අල, එළවළු ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සොයා විශේෂ වැටලීමක් පිටකොටුව බෝගහ අසල එලවලු මාකට් පරිශ්‍රයේ සිදු කර තිබෙනවා.
කොළඹ පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
වැටලීමේදී වෙළෙඳුන් සඳහන් කර ඇත්තේ මෙවා පැටිස්, රෝල්ස් වැනි ආහාර ද්‍රව්‍ය සැකසීම සඳහා යොදා ගන්නා බවයි.
ඇතැම් වෙළඳුන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමඟ එම වෙළෙඳ කටයුතු සිදු කළ කළ ස්ථාන වලින් පිටව ගොස් ඇති අතර පාරිභෝගික අධිකාරිය අදාල පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.