ඉන්ධන බවුසර අනතුරකින් නිවාස 3කට හා හෝටලයකට හානි
Related Articles
බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇල්ල කුඹල්වෙල හෙලහල්පේ ප්‍රදේශයේදි අද 13 උදැසන සිදුවූ අනතුරකින් නිවාස 03ක් හා හෝටලයකට දැඩි හානි සිදු වු අතර එක් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බදුල්ල දක්වා ගමන් ගත් ඉන්ධන ලීටර තිස්තුන්දහසක් පුරවාගත් බවුසර් රථයක්
උදැසන 6.30ට පමණ අනතුර සිදුව ඇති අතර බවුසර් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා මෙම අනතුර සිදුවු බවයි පොලීසිය පවසන්නේ
අනතුර සිදුවන විට එක් නිවසක් අසල ඉදිරිපස සිටි කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය වහා දෙමෝදර ප්‍රාදේශිය රෝහගට ගෙන ගොස් ඇති අතර පසුව බදුල්ල පළාත් මහා රෝහල වෙත මාරු කර යවා තියෙනවා.
රියදුරු හා සහයක සුලු තුවාල ලබා ඇති අතර රථයට හා ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදුව තිබනෙවා.
අවුරුද්ද ලබන අවස්ථාවේදී සිදුවූ මෙම අනතුර නිසා නිවාස හා හෝටල් හිමියන් දැඩි අපහසු තාවට පත්ව ඇති බව ඔවුන් පවසනවා.
තමන්ට සාධාරනයක් ඉටුවිට යුතු බවත් තමන් දුක් මහනසියෙන් හම්බ කරගත් දේ මෙලෙස විනාශ විය නොහැකි බවත් සාධාරනයක් ඉටුකර ලෙසත්ය.
නිවාස සදාගැනීමට ගත් ණය පවා ගෙවන්නේ මෙම හෝටලයෙන් බවත් අවුරුදු කටේ තියාගෙන සිදුවු මෙම අනතුර නිසා සියල්ල නැතිව ගොස් ඇති බවත් මවුන් පවසනවා.
ඇල්ල පොලීසිය අනතුර ගැන පරීක්ෂන ආරම්භ කර ඇති අතර සාධාරනයක් ඉටුවන තෙක් බවුසරය ඉවත් කිරීමට ඉඩ නොදෙන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ