fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

H3N8 කුරුළු උණෙන් පළමු පුද්ගල මරණය වාර්තා වෙයි

hasiniek
By hasiniek අප්‍රේල් 12, 2023 15:17

H3N8 කුරුළු උණෙන් පළමු පුද්ගල මරණය වාර්තා වෙයි

H3N8 කුරුළු උණ හේතුවෙන් චීනයේ සිදු වූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබෙනවා.

දකුණු චීනයේ 56 හැවිරිදි කාන්තාවකට H3N8 කුරුළු උණ ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව පසුගියදා මියගොස් ඇති අතර එය කුරුළු උණ හේතුවෙන් එරට සිදු වූ පළමු මරණය ලෙස සැළකිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර ඇත්තේ.

H3N8 යනු කුරුළු රෝගය ආශ්‍රිතව හමුවන උප විශේෂයක් වන බව සඳහන්.

පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී චීනයේ අවස්ථා දෙකක දී කුරුළු උණෙහි සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළ ද එම අවස්ථාවන්වල දී මිනිසුන් තුළින් එම රෝගය වාර්තා වී තිබුණේ නැහැ.

H3N8 ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු චීනයෙන් හඳුනාගෙන ඇති නමුත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ චීන රජය විසින් සිය අධීක්ෂණ කටයුතු වේගවත් කිරීම හේතුවෙන් තවදුරටත් ආසාදන අවදානම අඩු අගයක් ගෙන ඇති බවයි.

H3N8 ආසාදනය H5N1 කුරුළු උණ වසංගතයට සම්බන්ධ නොවන බව සඳහන්.

H3N8 වෛරසය පක්ෂීන්ට සහ ගෘහස්ථ කුකුළු මස් සඳහා H5N1 වෛරසයට වඩා අවදානමෙන් අඩුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

hasiniek
By hasiniek අප්‍රේල් 12, 2023 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්