fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසාදය

hasiniek
By hasiniek අප්‍රේල් 12, 2023 15:13

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසාදය

විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටිනවා.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමග පසුගිය මාස එකහමාරක කාලය තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා ඇති අතර එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

hasiniek
By hasiniek අප්‍රේල් 12, 2023 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්