කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි
Related Articles
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු සාගරයට මුදා හැරීම 2 ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කර තිබෙනවා.
වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්,නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනු ලබන බවයි ඔවුන් නිවේදනය කළේ.
එමඟින් කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම සිදු කරනවා.
මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන බවද සඳහන්.