fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාර හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2023 13:17

මියන්මාර හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට

මියන්මාර හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු හමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර ගැටුම් ආරම්භ වුණා.

එම ගැටුම් මේ වනවිට සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2021 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා ගුවන් ප්‍රහාර 600 ක් පමණ එල්ල කිරීමට මියන්මාර හමුදා කටයුතු කර තිබෙනවා.

ඒ අතරින් මෙම ප්‍රහාරය දරුණුතම ප්‍රහාරයක් ලෙසයි විශ්ලේෂකයින් හදුන්වන්නේ.

ඊයේ සිදුකළ ප්‍රහාරයෙන් කාන්තාවන් 15 දෙනෙකු හා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2023 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්