ජෝ බයිඩන් උතුරු අයර්ලන්තයට
Related Articles
උතුරු අයර්ලන්තයේ සිව්දින සංචාරයක් ආරම්භ කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බෙල්ෆාස්ට් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
බෙල්ෆාස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගමැති රිෂි සුනක් විසින් එක්සත් ජනපද ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි වාර්තා කර ඇත්තේ.
ජෝ බයිඩන් රථ පෙළපාලියෙන් ගුවන් තොටුපලේ සිට ගමන් කිරීමෙන් පසු බෙල්ෆාස්ට් නගර මධ්‍යයට පැමිණි අතර සංචාරයට පෙර බොහෝ වීදි වසා දමා ඇති බවත් විශාල ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන් වනවා .
ජෝ බයිඩන් අයර්ලන්තයේ සාමය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමට එරටට පැමිණීමට බලාපොරොත්තු වූ බව පැමිණීමට පෙරම සඳහන් කර තිබෙනවා