ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට චීනය පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්හොං මහතා ප්‍රකාශ කළා.
දෙරට එක්ව ගැටලුවලට මුහුණ දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකි බවයි ඒ මහතා කෑගල්ලේ පැවති වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.
චීනයේ බෞද්ධ විහරස්ථාන හා බෞද්ධ ජනතාව එක්ව ශ්‍රී ලංකාවේ අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ තවත් අදියරක් කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වුණා.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
කළ්‍යාන මිත්‍රයෙකු ලෙස චීනය සෑම විටම ශ්‍රී ලංකාව සමග සිටින බවත් ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික හා සාමාජීය ගැටලුවලට විසඳුම් සෙවීමට රජය ගන්නා උත්සහයට පූර්ණ සහාය තවදුරටත් ලබාදෙන බවත් චීන තානාපති ෂි ෂෙන්හොං මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.