රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් හමු වී තිබෙනවා.
වොෂින්ටනයේ පැවති ජී24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක්වුණා.
මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමුවූයේ අභියෝග මධ්‍යයේ තිරසර හා සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීම කෙරෙහි බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ.
ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහු පාර්ශ්වීය ආයතනවලට තිරසර හා සාමූහික වර්ධනයක් ලබාගැනීමට නැගීඑන වෙළෙඳපොල හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය වියහැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය හා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන මෙරට තුළ සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඇනී බ්‍රිජෙට් මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරයා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කුමන් ආකාරයෙන්ද යන්න රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැහැදිලි කළා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම දුෂ්කර අවස්ථාවේ ඔවුන්ට සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව කටයුතු කරන බවයි.
පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සියලු දෙනා එක්ව තම වගකීම් ඉටු කිරීම ඉතා වැදගත් බවද ඇය පෙන්වා දී තිබෙනවා.