ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන එරට මහාධිකරණයෙන් නියෝගයක්
Related Articles
ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමීමට ලබා දී තීන්දුව අවලංගු කිරීමට එරට මහාධිකරණය පියවර ගෙන තිබෙනවා.
2024 වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දමන ලෙස එරට අධිකරණයක් පසුගිය දා නියෝග කළා.
කෙසේ වුවද ජකර්තා මහාධිකරණය සඳහන් කරන්නේ එවැනි නියෝගයක් ලබාදීමට සාමාන්‍ය අධිකරණයට කිසිඳු න්‍යෛතික බලයක් නොමැති බවයි.
මහාධිකරණ තීන්දුවත් සමඟ අස්‍ථාවරව තිබු ඉන්දුනිසියාවේ දේශපාලන තත්ත්වය යම් තරමකට ස්ථාවරව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම සුදානම් කර තිබු පරිදි 2024 වසරේ දී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව හිමි වනවා.
මේ අතර එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ පාලනය කාලය ද ලබන වසරේ දී අවසන් වන අතර ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.