පාරිභෝගිකයාට සහන රැසක් ලබාදීමට රජය පියවර ගත්ත ද කූට ව්‍යාපාරිකයන් එම සහන ජනතාවට ලබාදීමට කටයුතු කර නැති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.
වෙළදපොළ මාෆියාවට තිත තැබීමට කඩිනමින් පියවර ගත යුතු බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.
මේ අතර බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සොයා පාරිභෝගික අධිකාරිය විශේෂ වැටලීමක් පිළියන්දල / බෝකුන්දර ප්‍ර දේශයේ සිදුකළා.
එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළදුන්ට නඩු පැවරීමටයි කටයුතු කර තිබෙන්නේ.
වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.
පසුගිය 8 වනදා සිට ඊයේ රාත්‍රීය දක්වා මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව වැටලීම් 6165ක් සිදු කර තිබෙනවා.
එහිදී කිරුම් හා මිණුම් අක්රමිතතා සම්බන්ධව 449කට නඩු පැවරීමට නියමිතයි.
සිදු කරන ලද වැටලීම් වලට අනුව ගම්පහ / කොළඹ / කුරුණෑගල / මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් හි නඩු නිමිති සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබෙනවා. නඩු නිමිති සංඛ්‍යාවේ ප්‍රතිශතය සැලකිමේදී බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක දෙකෙහි වෙළදපොළ අක්රමිතතා ඉතා අවම බවයි නිරීක්ෂණ වී ඇත්තේ.