යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දමන්න – කිම් ජොන්ග් උන්
Related Articles
සිදු කරන යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දමන ලෙස උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි යුදමය තත්ත්වයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දැමීම හා පුහුණු වේගය වැඩි කිරිමට පියවර ගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
ඇමෙරිකාව හා දකුණු කොරියාව උතුරු කොරියාවේ දැඩි විරෝධය මධ්‍යයේ යුද අභ්‍යාසවල නිරතවීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.
මේ අතර උතුරු කොරියාව දකුණු කොරියාව සමග පවත්නා සන්නිවේදන කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය අද සඳහන් කළා.
උතුරු කොරියාව හා දකුනු කොරියාව අතර යුදමුක්ත කලාපයේ පිහිටා ඇති සන්නිවේදන මධ්‍යස්ථානය දකුණු කොරියාවේ ඇමතුම් සදහා දින 4ක කාලයක් මුළුල්ලේ ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
2018 වසරේදී එම සන්නිවේදන මාර්ග ස්ථාපිත කෙරුණා. ඇමෙරිකාව, හා ජපානය සමග දකුණු කොරියාව එක්ව සිදු කරන යුද අභ්‍යාස හේතුවෙන් දකුණු කොරියාව රූකඩයක් හා පාවා දෙන්නෙකුට සමාන කිරීමටයි උතුරු කොරියාව පියවර ගෙන ඇත්තේ.