fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ දිනය ගැන කොමිසමෙන් තීරණයක්

hasiniek
By hasiniek අප්‍රේල් 11, 2023 13:55

මැතිවරණ දිනය ගැන කොමිසමෙන් තීරණයක්

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවූ හේතු මත එකී ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බවයි.

එබැවින් අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනය තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ඇති.

කෙසේවෙතත් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු ලබන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

hasiniek
By hasiniek අප්‍රේල් 11, 2023 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්