fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව පත්කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 13:29

නව පත්කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. එසේම, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්. නයීමුඩීන් මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක
සභාව අනුමත කළ බව දසනායක මහතා පැවසීය.

එයට අමතරව, පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පත්කර යැවීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දුන් බව මහ ලේකම්වරයා දන්වා සිටී.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනවිරත්න, (නීතිඥ)  අනුර ප්‍රියදර්ශන යාපා, (නීතිඥ) තලතා අතුකෝරළ සහ (වෛද්‍ය)  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන
මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්