fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි මිලට විකුණද්දී අත්අඩංගුවට ගත් බිත්තර ජනතාවට අඩු මිලට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 11:42

වැඩි මිලට විකුණද්දී අත්අඩංගුවට ගත් බිත්තර ජනතාවට අඩු මිලට

වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බිත්තර අලෙවි කිරීම පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම යටතේ සිදුකෙරුණා.

කොළඹ ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන් සොයා සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බිත්තරයි මෙලෙස අලෙවි කෙරුණේ.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන බවට ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික අධිකාරිය කොළඹ අවට ක්‍රියාත්මක කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මෙම බිත්තර අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමටයි පසුගියදා කටයුතු කෙරුණේ. වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදුන්ට එරෙහිව නඩු පැවරිමට ද පියවර ගැණුනා. කෙසේ වෙතත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට බිත්තර මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණෙන් එම බිත්තර අලෙවි කිරීමට අවසර ලබාදුන් අතර පාරිභෝගික අධිකාරිය ඊට මැදිහත්ව කටයුතු කළා.

ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශයේ බිත්තර අලෙවි සැලකදී අදාළ බිත්තර පාලන මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්