fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා පරිමාණයෙන් පතල් කැනීම් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 08:54

මහා පරිමාණයෙන් පතල් කැනීම් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

මහා පරිමාණයෙන් පතල් කැනීම් කළ පුද්ගලයින් දස දෙනෙකු කහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කුරුවිට පැරඩයිස් වැව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා. ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් ද මෙම වැටලීමට සහභාගි වුණා. එහිදී බලපත්‍ර නොමැතිව ස්වභාවික පරිසරයට හානි කරමින් පතල් කැනීම් කරමින් සිටි රත්නපුර සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැනීම් සදහා යොදාගත් උපකරණ ද මෙහිදි සොයාගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්