ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට
Related Articles
ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගියා.
කෙන්ටකී ප්‍රාන්තයේ ලුවිස්විල්ලේ ප්‍රදේශයේ බැංකුවකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූවන් වයස අවුරුදු 40 ත් 64 ත් අතර පසුවනවා. තවත් නව දෙනෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරය ආරම්භ වී විනාඩි තුනක් ගතවන විට එම ස්ථානයට පැමිණි පොලිසිය වෙඩික්කරුට ප්‍රති ප්‍රහාර එල්ලකර තිබෙනවා.
ඔහු ද වෙඩි වැඩී බරපතල තුවාල ලැබුවා. අදාළ වෙඩික්කරුගේ බිරිද එම බැංකුවේ සේවය කරන අතර එම අවස්ථාවේ ඇය දොරගුලු දමා එහි සැගව සිටි බවද සදහන්.