fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන රුසියානු සටන් 30 දෙනෙකුගේ ජීවිත බිලගනී

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:03

යුක්රේන රුසියානු  සටන් 30 දෙනෙකුගේ ජීවිත බිලගනී

යුක්රේනයේ බක්මුත් ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා සිදු කරන සටන් අතරතුර රුසියා සෙබළුන් තිස්දහසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මාස හයක කාලයක් තිස්සේ මෙම ගැටුම් ක්‍රියාත්මකයි.

බිහිසුණු සටන්වලින් පසුව ප්‍රදේශයේ ජනතාව 90%ක්ම එම ප්‍රදේශය අත්හැර පළා ගොස් තිබෙනවා.

ඩොන්බාස්හි පිහිටි මෙම කුඩා පරිපාලන නගරය කැඩුණු ගොඩනැගිලි හා ගස් වලින් පිරී මුඩු බිමක් ලෙසයි සැලකෙන්නේ.

ආරක්ෂක රැස්වීමකදී රුසියා ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පෙබරවාරියේ දී යුක්රේනයට ද හමුදා සෙබළුන් 11000ක් අහිමි වු බවයි.

කෙසේ වෙතත් බක්මුත් අල්ලා ගැනීමේ රුසියා භට කණ්ඩ මේ වන විට උග්‍ර මිනිස් හා යුද උපකරණ හිගයකට මුහුණ පා තිබෙනවා.

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්