යුද හමුදාවෙන් අගය කළ යුතු වැඩක්
Related Articles
භාවිතයට නුසුදුසු හෙයින් ඉවත්කොට දමා තිබූ පාපැදි පිළිසකර කොට නැවත යුද හමුදා නිලධාරීන්ගේ දෛනික කටයුතු සඳහා යොදාගැනීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 55 වැනි සේනාංකය විසින් ආරම්භ කොට තිබෙනවා.
මේ අනුව මූලික පියවර යටතේ අතහැර දමා තිබූ පාපැදි 42 ක් පිලිසකර කොට යුදහමුදා නිලධාරීන්ගේ දෛනික කටයුතු සඳහා අදාල නිළධාරීන්ට භාරදීමට යුදහමුදා නිලධාරීන් පියවර ගනු ලැබුවා.
මෙම වැඩසටහන මගින් යුදහමුදා නිලධාරීන්ගේ දෛනික ප්‍රවාහන කටයුතු වලදී වැයවන ඉන්ධන වියදමද අවම වන අතරම පරිසර හිතකාමී වැඩසටහනක් වශයෙන්ද හැඳින්විය හැකි අතරම ඉදිරියේදී සෑම සේනාංකයකටම මෙම වැඩසටහන
ක්‍රියාත්මක කරවීමටද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා.