මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අගමැති අතර සාකච්ඡාවක්
Related Articles
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර අද පැවැත්වෙනවා.
අග්‍රාමාත්‍යවරයා හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද පෙරවරු 11.30ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම සාකච්ඡාවේ දී පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාගැනීම, රාජ්‍ය සේවකයින්ගේ සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හා ඡන්ද විමසීම කල්යන්නේ නම් නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ආදී කරුණු කීපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවදානය යොමුකෙරෙනු ඇති.