ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීරණය සදහා නව නීති ගෙන එන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසනවා. බත්තරමුල්ල ජයවඩනගම ප්‍රදේශයේ ජංගම කසල ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ක්ලීන් ටෙක් ආයතනයේ කළමනාකරු කසුන් තෙන්නකෝන් ඇතුළු නිලධාරීන්, තලංගම ප්‍රජා පොලිස් ඒකකයේ ප්‍රධානී බර්ටි වීරසිංහ 479සී වික්‍රමසිංහපුර මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙංගු උණ සහ අවුරුදු සමයේ දී ජනතාව පොලිතින් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබදව මෙහිදී දැනුවත් කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Q6JDrT03FxM”]