fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 16:27

ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක්

මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මෙම වර්ෂය තුලදී කිව්. ආර්. නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ටිකට් පත් මගීන්ට ලබා ගත හැකි නව ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ වැඩසටහ ක්‍රියාත්මක කරන බවද හෙතම කීය.

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනාක්‍රමය මගින් නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදාදීම උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද (09) පැවැත්විණි.

එහෙදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා,

නානුඔය දැනට නැවතී ඇති දුම්රිය මාර්ගය නුවරඑළිය දක්වා ගෙන ඒමේ වැඩසටහන අනුව එය විදුලි දුම්රියක් බවට පත් කරන්න කටයුතු සැළැසුම් කරනවා. අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා මාර්ගයත්, නානුඔය සිට නුවරඑළිය දක්වා වු මාර්ගයත් අපට අපේ රටේ මුදල් භාවිතා නොකොට ඒ සඳහා පිටස්තර ආයෝජකයන් යොදවාගෙන ඒවා වසර කීපයකින් අපිට අයත් වන විදිහට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා.

අපි පසුගිය කාලය තුළදී උත්සාහ කලා නුවරඑළියට විශ්ව විද්‍යාල දෙකක් ඇති කරන්න. ඒත් ඒ දේ කර ගන්න අපිට අසීරු උනා. නමුත් මේ පළාත්වල දරුවන්ට විශේෂයෙන්ම නවීන කෘෂි තාක්ෂණ ඇති කිරීම සඳහා නව විශ්ව විද්‍යාලයක් නුවරඑළිය, අඹේවල ප්‍රදේශයේ ගුවන් විදුලි සංස්ථාවට අයත් ප්‍රදේශයේ ඉඳි කිරීමට සැළැසුම් කොට තිබෙනවා.

අද නුවරඑළියේදී නව බස් රථ 26 ක් ලංගම ඩිපෝ හතකට බෙදා දෙනු ලැබුවා. එම නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට යොදා ගැනීමටත්, එමගින් ග්‍රාමීය හා වතු අභ්‍යන්ත්‍රර මාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කොට ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් ලබාදීම අරමුණ බවද අමාත්‍යවරයා මෙහෙදී කිීය.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, එස්. බී. දිසානායක, මරදපාණ්ඩී රාමේෂ්වරන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් යන මහත්වරුන් හා ඩිපෝ අධිකාරිවරුන්, ලංගම සේවකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්