චීනය තායිවාන අහසත් ,මුහුදත් කලබයි
Related Articles
චීනය ඊයේ දිනයේ තායිවානය ආසන්න මුහුදේ විශේෂ යුද අභ්‍යාසයක් ආරම්භ කළා.
තායිවානය පවසන්නේ මෙම යුද අභ්‍යාසය මුවාවෙන් චීනය ජෙට් යානා 71ක් තම ගුවන් සීමාව හරහා පියාසර කර වූ බවයි.
මේ අතර චීන යුද ගුවන් යානා 45ක් ද තායිවාන ගුවන් ආරක්ෂණ කලාපය ආසන්නයෙන්ම පියාසර කර වු බව තායිවානය චෝදනා කරනවා.
යුද අභ්‍යාසය සදහා චීනය යුද නැව් 9ක් භාවිත කර ඇති බව වාර්තා වනවා.
තායිවාන ආරක්ෂක අංශ කොතරම් අවවාදාත්මක පණිවිඩ චීන හමුදා නිලධාරීන්ට ලබා දුන්න ද ඔවුන් ඒවා පිළිනොපදින බව තායිවානය චෝදනා කරනවා.
මේ වන විට තායිවාන ජනාධිපතිවරිය ඇමෙරිකාවේ සංචාරයක නිරත වන අතර චීනයේ මෙම යුද අභ්‍යාසය අනතුරු ඇඟවීමක් ලෙස විදෙස් විශ්ලේෂකයන් පවසනවා.