ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට ද්වි පාර්ශවික එකඟතා රැසක්
Related Articles
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සදහා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වුවා.
අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම් සදහා ජපානය යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ජපානයේ සංචාරයක නිරත අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජපානයේ ඉහළ පෙලේ රාජත්‍රාන්තිකයින් හා රැකියා ආයතන ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉහළ ආදායම් ලබා ගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබා ගැනීම ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. සාත්තු සේවක අංශයේ දැනට පවතින රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීම දැනට ශ්‍රී ලාංකිකයන්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරිමේ හා පිරිසිදු කිරිමේ රැකියා අවස්ථා ලබා ගැනිම පිළිබද අමාත්‍යවරයා ජපාන සෞඛ්‍ය කම්කරු හා සුබසාධන අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වුවා.
ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබදතා ශක්තිමත් කිරීම මෙන්ම කම්කරු ක්ෂේත්‍රයේ සම්බන්ධතා සම්බන්ධයෙන් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ සභාපතිවරයා හමු වු මනූෂ නානායක්කාර මහතා දෙරටේ සබදතා වර්ධනය පිළිබද අදහස් හුවමාරු කර ගත්තා.