නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයින් 74 දෙනෙකු ඝාතනය කරයි
Related Articles
නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 74 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
නයිජීරියාවේ බෙන්යු ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාර දෙකකින් මෙම මියයාම් සිදුව තිබෙනවා.
බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ඊයේ දිනයේ දී අවතැන් වුවන් සඳහා වු කඳවුරක තිබි මළ සිරුරු 28ක් සොයා ගත් බවයි.
තවත් ස්ථානයක තිබි ඉතිරි මළ සිරුරු 46 ද සොයා ගත් බව බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසනවා.
නයිජීරියා රජය පවසන්නේ මෙම ඝාතනයන් ගොවීන් හා එඩේරුන් අතර පැවති ඉඩම් සම්බන්ධ ආරවුලක් නිසා සිදු වූවක් බව අනුමාන කරන බවයි.
මේ අතර නයිජීරියා සැම්ෆාරා ප්‍රාන්තයේ සන්නද්ධ කල්ලියක් විසින් කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් 80 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.