ශ්‍රී ලංකා – ඉන්දීය නාවික අභ්‍යාසය සාර්ථකව අවසන්
Related Articles
ශ්‍රී ලංකා ඉන්දීය නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් වුණා.
බටහිර මුහුදු තීරයේ දීයි එම අභ්‍යාසය පැවැත්වුණේ.
ශ්‍රී ලංකා ඉන්දියා නාවික හමුදාවන්ගේ සහයෝගීතාව හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් වාර්ෂිකව මෙම නාවික අභ්‍යාසය පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර හා විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා මෙම අභ්‍යාසයට එක්කර තිබූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් සමුද්‍රීය ආවේක්ෂන ගුවන් යානයක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ද එක්කර තිබුණා.
ඉන්දියාව නියෝජනය කරමින් එරට නාවික හමුදාවට අයත් අයිඑන්එස් කිල්ටාන් හා සාවිත්‍රි යන යුද නෞකාවන් මෙන්ම සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානයක් හා කීටැක් වර්ගයේ හෙලිකොප්ටරයක් ද එක්කර තිබුණා.
නාවික අභ්‍යාසයට අමතරව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම සදහා නාවික හමුදාව සංස්කෘතික හුවමාරු වැඩසටහන් , ක්‍රීඩා , යෝග අභ්‍යාස ඇතුළු වැඩසටහන් රැසක් ද සංවිධාන කිරීමටයි කටයුතු කර තිබුණේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ද නෞකාවන් නිරීක්ෂණයට එක්ව සිටියා.