අගමැතිගේ සහ විපක්ෂ නායකගේ පාස්කු ඉරුදින පණිවුඩ
Related Articles
පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ දයා කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් පාස්කු දිනය සැමරීමට එක්විය යුතු බවයි.
මානව වර්ගයා පාපයෙන් ගලවා ගැනීමට සමාජ සාධාරණය දයාව ප්‍රේමය මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැපකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෘෘර මරණයකට පත් කළද මරණය ජය ගෙන උට්ඨාන වෙමින් විමුක්තියේ නව මග පෙන්වා දුන් බව ක්‍රිස්තු භක්තිකයින්ගේ විශ්වාසයයි.
වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ මානව ගුණාංග නොනැසී පවත්වා ගැනීමටත් නිවැරදි තීන්දු තීරණ ගැනීමටත් අවශ්‍ය මානසිකත්වය අප තුළ ජනිත කර ගැනීමට මෙවන් සියලු ආගමික ඉගැන්වීම් පිටිවහලක් වන බවයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
පාස්කුව යනු මිනිසාට එතෙරවීමට දෙවියන් වහන්සේ දුන් මහා අනර්ඝ තිලිණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
ප්‍රේමය ගැන කතා කරන්නේ නම් නිසැකවම පාස්කු දිනය එහි සංධිස්ථානයයි.
පාස්කුවෙන් ලොව පුරා ප්‍රේමයේ දහම ව්‍යාප්ත වූ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා.
2019 වසරේ පාස්කු ඉරු දිනයේ මෙරටට කලු පැල්ලමක් එක්වුණා.
කුමන අරමුණකින් එය එල්ල කළද එම ප්‍රහාරය බියගුලු අමානුෂික ප්‍රහාරයක් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.