ටියුනීසියා මුහුදේ බෝට්ටු දෙකක් අනතුරට පත්වීමෙන් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට
Related Articles
ටියුනීසියා මුහුදේ බෝට්ටු දෙකක් අනතුරට පත්වීම නිසා 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙහි එක් බෝට්ටුවක 37 දෙනෙකු සිට ඇති අතර එයින් 17 දෙනෙකු පමණක් බේරා ගෙන තිබෙනවා.
අනෙක් බෝට්ටුවේ 36 දෙනෙකු ගමන් කර තිබෙනවා.
මෙම අනතුරට පත්වු බෝට්ටුවල සිටි සියලුම දෙනාම නීති විරෝධි සංක්‍රමණිකයන් වන අතර මොවුන් බෙහෝමයක් දෙනා අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය වනවා.
මෙම පිරිසගේ ගමනාන්තය වී ඇත්තේ ඉතාලියයි.
ඉතාලි වාර්තා අනුව පසුගිය මාස 3 පුරා නීති විරෝධි සංක්‍රමණිකයන් 14000ක් එරටට පැමිණ තිබෙනවා.