ජනපතිගේ පාස්කු ඉරුදින පණිවුඩය
Related Articles
පාස්කු මංගල්‍යය යනු, සිත් තුළ ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුස් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශ කෙරෙන දිනයක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු ඉරුදින පණිවුඩය මගින් සඳහන් කරනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන මෙදින බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක‍්‍ෂා භංගත්වය තුරන් කිරීමේ පණිවිඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරන බවද ජනපති ප්‍රකාශ කරනවා.
ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බවත් ජනපති තරයේ විශ්වාස කරන බව එම පණිවුඩයෙහි සඳහන් වනවා.
“පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් ඔබගේ මතකයෙහි රැඳී ඇති බව මම හොඳින් දන්නවා. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද සිහිපත් කරමි.” යනුවෙන් ජනපතිගේ පණිවුඩයේ ඇතුලත්.
“රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවායි! ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි! සුභාශිංසනය කරමි” යනුවෙන් පාස්කු ඉරුදින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් වනවා.