පාස්කු ඉරිදා අදයි
Related Articles
කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (09) යෙදී තිබෙනවා.
දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.
ඒ අනුව, කිතුණු දේවස්ථානවල “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පවත්වනු ලබන අතර ප්‍රධාන දේව මෙහෙය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා.
එමෙන්ම ඒ වෙනුවෙන් සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් දිනය පුරා පවත්වනු ලබනවා.