fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේන යුද්ධය ගැන පවත්වන ඕනෑම සාම සාකච්ඡාවක් රුසියාවේ අවශ්‍යතාව මත පදනම් විය යුතුයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 16:12

යුක්‍රේන යුද්ධය ගැන පවත්වන ඕනෑම සාම සාකච්ඡාවක් රුසියාවේ අවශ්‍යතාව මත පදනම් විය යුතුයි

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් පවත්වන ඕනෑම සාම සාකච්ඡාවක් රුසියාවේ අවශ්‍යතාව මත පදනම් විය යුතු බව රුසියාව පවසනවා.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් විශේෂ නිවේදනයක් සිදු කරමින් මේ බව පවසා සිටියා.

රුසියාව දිගුකලක් පටන් ගෝලීය වේදිකා මත ඇමෙරිකාවේ ආධිපත්‍යයට එරෙහිව නායකත්වය දෙන බවත් යුක්‍රේන ප්‍රහාරය එහි කොටසක් බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

කිසිඳු රාජ්‍යයකින් විසඳුමක් ලබා නොදෙන පසුබිමක් යටතේ  වසරකටත් වඩා වැඩි කාලයක් පැවැත්වෙන යුක්‍රේන යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක කරගෙන යාම හැර තමන්ට විකල්පයක් නොමැති බවය සර්ජි ලැව්රොෆ් පවසනවා.

මේ අතර තම ධාන්‍ය අපනයනයට තිබෙන බාධි ඉවත් නොකලහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සබඳතා පිලිනොගැනීමට තමන් කටයුතු කරන බව ද රුසියාව පවසනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්