fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 15:55

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක්

අපොස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු දින 50කින් පමණ ප්‍රමාද වී ඇති බැවින් එය කඩිනමින් ආරම්භ කරන්නැයි දෙමාපියන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිමේ හමුවක් පසුගිය සතියේ දී පැවැත්වුණා.

ඒ අධ්‍යාපන වෘත්තීකයන්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යවරයා අතරයි.

එය සාර්ථකව අවසන් කෙරුණා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුනේ අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර  පිළිතුරු පත්‍ර ලකුණු කිරීමට ලබා දෙන ගාස්තුවට අමතරව දිනකට ගෙවන රුපියල් 500 ක දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කෙරුණු බවයි.

එමෙන්ම කිලෝමීටර් 80 කට වඩා වැඩි දුරක සිට පිලිතුරු පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 2900 දක්වා වැඩි කිරීමටත් අවශ්‍ය කෙරෙන අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ද සාකච්ඡා කරමින් ගැටලුව විසඳීමට ක්‍රියාකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර ඇගයීම පිළිබඳ මේ වන තෙක් කිසිඳු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්