පොහොට්ටුවේ වැලිමඩ ආසන සමුළුව නාමල්ගේ ප්‍රධානත්වයෙන්
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ආසන සමුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ වැලිමඩ නුගතලාවේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.
වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන කැදවුම්කරු ඉංදික සම්පත් ජයසුන්දර මහතා විසින් මෙම ආසන සමුළුව සංවිධානය කර තිබුනු අතර මේ සදහා අමාත්‍ය තේනුක විදානගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එස්.බී. දිසානායක , මේජර් සුදර්ශණ දෙනිපිටිය යන මහත්වරුන්ද වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරින් රැසක්ද එක්ව සිටියහ.