fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තන්තිරිමලේ වැව් බැම්ම මතදී තිරික්කල 5ක ගැටුන බස් රථය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 06:00

තන්තිරිමලේ වැව් බැම්ම මතදී තිරික්කල 5ක ගැටුන බස් රථය

ඊයේ දහවල් බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුරක් සිදුවී තිබේ.

එනම් මෙම අනතුර සිදුව ඇත්තේ, මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙනි.

පොලීසිය සඳහන් කළේ අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවය.

බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 06:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්