අලුත් අවුරුදු සමයේ කිරුම් මිනුම් උපකරණ විශේෂ පරීක්ෂාවකට
Related Articles
අලුත් අවුරුදු සමයේ කිරුම් මිනුම් උපකරණ පරික්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කිරීට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මෙම වසරේ මුල් මාස තුන තුළ මෙම දෙපාර්තමේන්තුව මගින් වෙළදපොල වැටලීම් 6000 කට අධික සංඛ්‍යාවක් සිදු කළා.විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාන වෙළදපල ව්‍යාපාරිකයන්ට කිරුම් හා මිනුම් උපකරණ භාවිතයට අදාළ වෙළදපොල අඩුපාඩු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද කටයුතු කෙරුණා.
එමෙන්ම අලුත් අවුරුදු සමය මුල් කරගනිමින් වෙළදපොල වැටලීම් ජාලයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.