fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිකුණාමලයේ ධීවර ගම්මානයක ගැටුමක් – 6 ක් රෝහලේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 16:51

ත්‍රිකුණාමලයේ ධීවර ගම්මානයක ගැටුමක් –  6 ක් රෝහලේ

ත්‍රීකුණාමලය තිරුකඩූර් හා විජිතපුර ප්‍රදේශවල පදිංචි දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තිරකඩවූර් ප්‍රදේශයේ තරුණ පිරිසක් මුහුදේ දැල් දමා මාළු ඇල්ලීමට උත්සහ කර ඇති අතර, විජිතපුර තරුණයන් පිරිසක් ඊට විරෝධය පලකිරීමක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවී තිබෙනවා. නීතිවිරෝධි අයුරින් දැල් මගින් මසුන් ඇල්ලීමට විරෝධය පළ කිරීමත් සමගයි මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ‍. දෙපාර්ශවය අතර ඇතිවු ගැටුම සමතයට පත් කිරීම සදහා පොලිසියට අමතරව යුධ හමුදාව හා විශේෂ කාර්‍ය බලකායද කැදවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැක පිට තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්