fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 16:15

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී

අමාත්‍ය අචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ සහෝ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ වන්ගෝල්ෆේස් හි පීවීආර් සිනමාව ශාලාවේදී පැවැත්වුණා. එය අද සිට දිවයින පුරා සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය කෙරෙනවා.

2022 ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික ‘ගෝල්ඩන් ලිෆ්’ සිනමා උළෙලේදී හොඳම ආසියානු වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් මෙම සහෝ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූණා.  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග එච් ඩී ප්‍රේමසිරි හා රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් විසින් සම නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අධ්‍යක්ෂණයකි.

‘සහෝ’ මංගල දර්ශනය  නැරඹීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, යන මහත්වරුන් හා කලාකරුවන් විද්වතුන් ඇතුලු පිරිසක් මංගල දර්ශනය නැරඹීම සදහා එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 16:15

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්