fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන්වූ ජපන් හෙලිකෝප්ටර් යානාවේ සුන්බුන් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 15:37

අතුරුදන්වූ ජපන් හෙලිකෝප්ටර් යානාවේ සුන්බුන් සොයා ගැනේ

අතුරුදන් වූ ජපන් හෙලිකෝපටර් යානාවේ සුන්බුන් සොයා ගත් බව එරට වෙරළාරක්ෂක ඒකකය සදහන් කරනවා.

සෝදිසි කිරීම්වලදී එම යානාවේ බවට සැකකළ හැකි සුන්බුන් කොටස් ඔකිනාවා ප්‍රාන්තය අසළ මුහුදේ දක්නට ලැබුණු බව ඔවුන් සදහන් කර තිබෙනවා.

අතුරුදන් වන අවස්ථාවේ හෙලිකෝපටරයේ පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ජපාන භූමි ආත්මාරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමක් අතරතුරයි හෙලිකෝපටරය අනතුරට ලක්වුනේ.

මෙය කිසියම් ප්‍රහාරකයකින් විනාශ වූවා ද නැතහොත් කාර්මික දෝෂයකට ලක්වූවාද යන්න පිළිබද පරීක්ෂණ පැවැත්වෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්