යුක්රේනයේ ඩොනේට්ස්ක් කලාපයේ දරුණු ගැටුම්
Related Articles
යුක්රේනයේ ඩොනේට්ස්ක් කලාපයේ දරුණු ගැටුම් හටගෙන ඇති බව එරට හමුදා පවසනවා.
යුක්රේනයේ ලයිමන්, බක්මුත්, අවුඩිව්කා හා මරින්කා යන ප්‍රදේශවලට රුසියාව එල්ල කළ ප්‍රහාර 20කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව මැඩ පැවැත්වු බව යුක්රේන ආරංචි මාර්ග සදහන් කරනවා.
බක්මුත් නගරයේ බලය අත්පත් කර ගැනිම සදහායි රුසියාව සිය ප්‍රහාර දැඩිකර ඇත්තේ.
කෙසේ වෙතත් ඔවුන් ජනාකීර්ණ ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි යුක්රේන හමුදා ප්‍රකාශ කරනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව කියා සිටින්නේ යුක්රේනයට ඩොනේට්ස්ක් කලාපයට එල්ල කළ ප්‍රහාරවලින් 4 දෙනෙකු මිය ගොස් ඇති බවයි.