දුම්රියක් පීලි පැනීමෙන් 16කට තුවාල
Related Articles
ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් කිතුල්උතුව ප්‍රදේශයේ දී පිළිපැනීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කෙරුණා.
ගල්ඔය කිතුල්උතුව ප්‍රදේශයේ දී පිළිපැනීමට ලක්වු මෙම දුම්රියේ මැදිරි 3කට හානි සිදුවුණා. ඉන් එක් මැදිරියක් මාර්ගයෙන් ඉවතට විසි වී පෙරළී යාමෙන් එහි ගමන් කළ පිරිස තුවාල ලැබුවා. දුම්රිය පිළිපැනීමෙන් එම මාර්ගයට ද දැඩි හානි සිදුවුණා. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවයි වාර්තා වන්නේ.
මාර්ගයෙන් ඉවතට විසි වී ගිය දුම්රිය මැදිරිය පිළිගත කිරීමට තවත් දින ගණනාවක් ගත විය හැකි බවයි සදහන් වන්නේ.