fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන්ට දීර්ඝ කාලීනව විදේශගත වීම සඳහා අනුමැතිය ලබානොදීමට තීරණයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 11:20

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන්ට දීර්ඝ කාලීනව විදේශගත වීම සඳහා අනුමැතිය ලබානොදීමට තීරණයක්

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ට දීර්ඝකාලීනව විදේශගත වීම සඳහා අනුමැතිය ලබානොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

පළාත් කෘෂිකර්ම සමුළුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන්ට මෙසේ දීර්ඝකාලීනව විදේශ ගත වීම සඳහා අනුමැතිය හිමි නොවනු ඇති.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් මේ වන විට පවතිනවා.

වසර ගණනාවකින් එම පුරප්පාඩු සඳහා බඳවාගෙන නැහැ.

එවන් පසුබිමක් යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් දීර්ඝකාලයකට විදේශගත වුවහොත් මෙරට කෘෂිකර්ම අංශය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්