ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් 14 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
Related Articles
අලුත් අවුරුදු සමයේ බොහෝ ස්ථානවල ක්‍රීඩා උත්සව පැවැත්වීම සාමාන්‍ය සිද්ධියක් මේ අවුරුදු උත්සවවලදී පොදුවේ දරුවන් කරන ක්‍රීඩාවලදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිහිටියන්ට ඉටුකළ යුතු යුතුකම් රැසක් පවතිනවා.
අලුත් අවුරුදු කාලයේ ඔන්චිලි පැදීම බොහෝ ස්ථානවල සිදුවනවා.
එහෙත් ඔන්චිලි පැදීමෙන් සතුටු වීමට ගිය දරුවෙකුට එම ඔන්චිල්ලාව නිසාම ජීවිතය අහිමිවූ අවාසනාවන්ත සිදුවීමක් ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
බෝපිටිය මත්තේගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ඉසුම් හංසන බණ්ඩාර ඔන්චිලි පදිමින් සිටියදී එහි ලණුවක ගෙල සිරවීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.
එම අවස්ථාවේ ඔහු සමඟ ඔන්චිල්ලාව අසළ කිසිවෙකුත් රැඳී සිට නැහැ.
දරුවන් ක්‍රීඩා කරන අවස්ථාවලදිත් ඔවුන්ට ආරක්ෂාව සලසා දීම වැඩිහිටි කාගේත් වගකීමක් වනවා.