fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොවිඩ් 19 මුලාරම්භය පිළිබඳ පරීක්ෂණ ඇරඹු විද්‍යාඥයින්ගේ වාර්තාවක් එළිදක්වයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 10:50

කොවිඩ් 19 මුලාරම්භය පිළිබඳ පරීක්ෂණ ඇරඹු විද්‍යාඥයින්ගේ වාර්තාවක් එළිදක්වයි

කොවිඩ් 19 වෛරසයේ මුලාරම්භය පිළිබඳ පරීක්ෂණ ඇරඹු විද්‍යාඥයන්ගේ වාර්තාවක් එළිදක්වා තිබෙනවා.

වසර 3කට ආසන්න කාලයක් බොහෝ පිරිසක් මේ පිළිබඳ අවධානය යොමු කරමින් පසු වුණා.

කොරෝනා වෛරසය ආරම්භ වු බවට සැකකෙරෙන වූහාන් හි හූවානාන් මුහුදු ආහාර හා වනජිවී ආහාර වෙළෙඳපොළෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමෙනුයි මෙම වාර්තාව එළිදැක්වීමට කටයුතු කර ඇත්තේ.

මෙම සාම්පල වල අඩංගු සතුන්ගේ ජානමය කොටස් තුළ කොරෝනා වෛරසය තිබී ඇති බවට තහවුරු වනවා.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම සත්ත්ව කොටස් තුළ තිබු වෛරසය මිනිසාට ආසාධනය වන්නට ඇති බවයි.

කෙසේ වෙතත් වූහාන් හි විද්‍යාගාරයකින් වෛරසය අහම්බෙන් කාන්දු වූ බවට වන මතය ද ඔවුන් බැහැර කර නැහැ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්