fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් ගත් වැරදි තීරණයක් ගැන බයිඩ්න්ගේ පරිපාලනයෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 10:04

ට්‍රම්ප් ගත් වැරදි තීරණයක් ගැන බයිඩ්න්ගේ පරිපාලනයෙන් චෝදනාවක්

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා හමුදා ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීම වැරදී තීරණයක් බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය චෝදනා කරනවා.

2021 වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් වල නිරත ඇමෙරිකා බට පිරිස් එක්ලක්ෂ විසිදහසක් පමණ ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළා.

එම ඉවත් කිරීම සිදු කරන අවස්ථාවේ සෙබළුන් 13න් දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් 200කට ආසන්න පිරිසක් මිය ගියා.

යුද්ධය අවසන් කිරීම සදහා 2020 වසරේ තලෙයිබාන් සංවිධානය සමඟ ඇති කර ගත් ගණුදෙනු ඇතුළුව වැරදි තීරණ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ පිළිබඳ අදහස් පළ කරමින් ට්‍රම්ප් කියා සිටින්නේ ධවළ මන්දිරය ජනතාවට වැරදි තොරතුරු ලබා දෙන බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්