අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව අද සිට
Related Articles
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවරද විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.
ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යාම හා යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාව අද සිට ආරම්භ කෙරෙනවා.
මේ වෙනුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා පසුගිය 4 වනදා සිටම ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළ මහතා පවසනවා.
එම දුම්රිය සේවා ලබන 17 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමටද අවස්ථාව උදා කර දී තිබෙනවා.