fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් නම් කරයි

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 20:57

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් නම් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර තිබෙනවා.

එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර තිබෙනවා.

සනත් ජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් පත්කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාතන් සෙල්වක්කුමාරන්, මාණික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජපිල්ලෙයි සහ පල්ලේගම චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන්‍ ය

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 20:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්