fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්මල්ලීගේ ගෝලයින් හෙරොයින් සමග කොටුවෙයි

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 16:17

කොස්මල්ලීගේ ගෝලයින් හෙරොයින් සමග කොටුවෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන ඩුබායි හි ජීවත් වන සජියා නොහොත් ” කොස්මල්ලී” යන පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනකු ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පනස් පහකට අධික වටිනා හෙරෝයින් ග්‍රෑම් 110 මිලි ග්‍රෑම් 1000 ක් පොලිස් ගත් බවයි නිලධාරීන් සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් සිදු කළ වලදී අනාවරණ වී ඇත්තේ ඩුබායි කොස්මල්ලී නමැති ජාවාරම්කරු දුරකථන මාර්ගයෙන් මෙම පුද්ගලයින් වෙත ලබා දෙන තොරතුරු මත තොග වශයෙන් ලබාගන්නා හෙරෝයින් මොරටුව, දෙහිවල , කොහුවල, රත්මලාන, අගුලාන, පිළියන්දල යන ප්‍රදේශවලට දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව බෙදාහැර ඇති බවයි.

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්