fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

BRICS සංවිධානය නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 16:11

BRICS සංවිධානය නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වෙයි

ලොව ප්‍රබලතම රාජ්‍යයන් වන රුසියාව ,චීනය හා ඉන්දියාව ඇතුළත් බ්‍රික්ස් සංවිධානය ගණුදෙනු කටයුතු සඳහා නව මුදල් ඒකකයක් හදුන්වාදීමට සූදානම් වනවා.

බ්‍රික්ස් සංවිධානයට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව චීනය හා දකුණු අප්‍රිකාව අයත්.

එම රටවල් අතර හා කලාපීය රටවල්වල ගණුදෙණු කටයුතු සඳහායි නව මුදල් ඒකකය භාවිතා කිරීමට යෝජනා වී ඇත්තේ.

රුසියා පාර්ලිමේන්තුවේ උප සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පල කර තිබුණා.

නව මුදල් ඒකකය හදුන්වාදීමත් සමඟ ඇමෙරිකා ඩොලරය හෝ යුරෝ මුදල් ඒකකය මත යැපීමක් සිදු නොවන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ලොව අතිශ්‍යය දුර්ලභ රන් හා අනෙකුත් වටිනා ද්‍රව්‍ය මෙන් නව මුදල් ඒකකය ආරක්ෂිත බවද ඔහු පවසනවා.

මෙම වසරේ අගෝස්තු මාසයේදී බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී නව මුදල් ඒකකය එළිදක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

නව මුදල් ඒකකය භාවිතය හරහා ලෝකය ඇමෙරිකා ඩොලරය හා යුරෝ මුදල් ඒකකය මත පදනම්ව ගණුදෙණු සිදු කිරීමක් නොවනු ඇති බවට මත පල වනවා.

එමෙන්ම මේ සමඟම ඇමෙරිකාවේ හා යුරෝපී ආර්ථිකයන්ට දැඩි බලපෑමක් ඇති වනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් මත පල කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්