fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සර් ජෝන් කොතලාවල ජන්මදින සැමරුම ගුවන් හමුදාපතිගේ ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 13:16

සර් ජෝන් කොතලාවල ජන්මදින සැමරුම ගුවන් හමුදාපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි අග්‍රාමාත්‍යය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දානපති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  මහතාගේ 126 වෙනි ජන්ම සංවත්සර උත්සවය රත්මලාන කොතලාවල කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල භූමියේ පිහිටි එතුමාගේ නිවස අසල පිළිරුව අබියසදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගි වූ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටෙගොඩ , උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ඇතුළු වූ සම්භාවනීය පිරිසක් සහභාගී වුණා.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කොතලාවල මැතිතුමාගේ පවුලේ ඥාතීන් ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා.

පිලියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ තෝරාගත් දක්ෂ දරුවන්ට ශ්‍රීමත් ශ්‍රී ජෝන් කොතලාවල අනුස්මරණ සංගමය අනුග්‍රහයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදුවුණා.

1897-04-04  උපත ලැබූ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල. මැතිතුමා 1980-10-02 ජීවිතයෙන් සමුගත්තා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්