අයිස්වලට ඇබ්බැහිවූ මුණුබුරා, ආච්චි හා සීයා පොරොවකින් පහරදී ඝාතනය කරයි
Related Articles
ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේදි අයිස් වලට ඇබ්බැහි වු මුණුබුරෙක් තම ආච්චි හා සියා පොරොවකින් පහර දී මරා දමයි.
ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේදි 22හැවිරිදි මුනුබුරෙකු විසින් පොරොවකින් පහර දිමෙන් තම 70 හැවිරිදි ආච්චි සහ 78 හැවිරිදි සීයා ඝාතනය කර
තිබෙනවා.
සැකකරු 22හැවිරිදි යුධ හමුදාවෙන් පලා ආ සෙබළෙකු බවත් අයිස් වලට ඇබ්බැහි වූ අයෙකු බවත් වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් බල්ලකැටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ විමර්ශනවලට අනුව මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර ඔවුන්ගේ දියණියගේ පුත්‍රයා (අවුරුදු 22 ක මුනුපුරා) නිවසේ දී මෙම දෙපලගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඇතිවු බහින් බස් විමකදි ආයුධයකින් පහර දී තිබෙනවා.
පහර කෑමට ලක්වු සීයා සහ ආච්චි ප්‍රතිකාර සඳහා දෙමෝදර ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙහිදි සීයා දෙමෝදර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර දැඩි අසාද්‍ය තතවයෙන් සිටි 70 හැවිරිදි මිත්තණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරැව ඇයද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැකකරු සොරකම් සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සිද්ධීන් රැසකට මීට පෙරද පොලිස් අත්අඩංතුවට පත්ව ඇත් අතර මිත්තනිය විසින් ඇප දී බේරාගෙන ඇති බවද සදහන් වෙනවා.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරැ සොයා මෙහෙයුම් දියත්කර තියෙනවා.
බල්ලකෙටුව පොලිස් ස්ථානය හා බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ පරීක්ෂන ඒකකය SOCO විසින් ස්ථානිය පරීක්ශාවන් සිදු කල අතර තව
දුරටත් වැඩිදුර පරීක්ෂන සිදුවෙනවා.